02. සීරළුවා

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කියත් ඇතැමෙක් “හීරළුවා” | සිවුරු හැරලූ අයෙක්!


ගතත් උස් මහත් විය පන්සලෙන්
සිතත් උස් මහත් විය පිරිවෙණෙන්
පතත් උස් මහත් විය බාසනෙන්
අදත් උස් මහත් දිවිය සාසනෙන්;

බුදුන් අබුදුන් කරමි
දහම් අදහම් කරමින
සඟුන් අසඟුන් කරමින 
දෙසත්මැයි “බැණ” සොබමින;

බුදුන් සමිඳුන් කරමි
දහම් සදහම් කරමිණ
සඟුන් සසඟුන් කරමිණ
දෙසත්මැයි “බණ” සොබමින!





ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll