01. සිංහ කොඩිය | ජාතික කොඩිය | සිංහ ධජය

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සිංහ කොඩිය | සිංහලේ | සිංහ ධජය.


ධජයක් කියන්නේ ලකුණක් නොවෙද සකී
ලකුණක ලකුණු කළ අදහස් යසට මැකී
කොඩියක් විචාරක ඇස කැත ඇසින් දකී;
සිංහයා තිරිසනෙක් බව නම් සැබෑවකී
(’නමුදු,) තිරිසන්කමට ඇදබානා මුසාවකී.

බැටළු-කොටළුවෙකු නොව කේසර රාජයෙකී
බෝසත් උතුමනුත් ඉපැදුණු අත්-භාවයකී
සුරු-විරු බලැති හද-තෙත් ලයැති එකී
එක් සුවිශේෂි සත් සතෙකුන් කීව හැකී.

සිංහ සෙය්‍යාව නොදන්න උගත්තු
සිංහ නාද නොහඳුනනා බලවත්තු
සිංහාවලෝකනය නොදනිති වියත්තු
සිංහ-වත සුනඛ-වත නොම දැනගත්තු
සිංහකොඩිය ගැන දොඩවත් ඒ පුත්තු.

ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැතී
කෙතරම් සා වුවත් තණකබල නොබුදිතී


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll