08. හදමල සොරා ගනු මැනවී!
උමතු පෙම්වතා විය මා ඔබේ ම - උමතු පෙම්වතිය විය මා ඔබේ ම.
හෙමි හෙමිහිට මා-දිවියට එනු මැනවී,
හෙමි හෙමීට මහද සොරා ගනු මැනවී;
කෙතරම් සෙනෙහෙ දැයි මා ඔබ කෙරෙහී,
හමු වී ඔබට පවසනු රිසියෙන් වෙසෙමී.
දුටු දා පටන් මා-ඔබ ඔබ-මා දෙනෙත,
හද සැනසුමින් පහවී මා කල් ගෙවත,
ඔබ නම පමණි මුමුණන්නේ මා දෙතොල;
ඔබ-මා පත්ව ඇති තැන සම වේ මෙකල,
නොසිතේ අන් යමක් කරනට මා සිතට,
ඔබ ගැන මතක් කරමින් සිටිනවා මිසක.
එනු මා තුරු(ල්)ලට එනු කෝල නොවී,
හිමි හිමීට මහද සොරා ගනු මැනවී.
හෙමි හෙමිහිට මා-දිවියට එනු මැනවී,
හිමි හිමීට මහද සොරා ගනු මැනවී.
සැම විට මෙන් ම ඇහැරවා මා රෑ නින්දෙන්,
සොරාගති මගේ නින්ද ද මිහිරැති වදනින්;
නෙක අයුරින් දුක් වෙහෙස ද ගෙනෙන නමුත්,
එසැම’යුරුකට ම පෙම් බඳිනෙමි සෙනේ සිතින්.