27. දඟ මල්ල

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


දරාගෙන දරාගෙන 
හිදලා මහ කන්දක් වන් දුක් ගංගාවක්….
ඇත වේදනාවල් කිදා බැස
හද පත්ලටම මගේ….

ඉවසලා ඉවසලා
ඉවසන දශමයටම මම….
අත් හැරීමේ ආරම්භය වෙයි
මතු දිනයක සොදුර නුඹ….
අත් හැරීම හිස ඔසවන
ඒ දිනට….

හමූවූවත් ඒ දා පටන්
අප නෙතට නෙත….
කතා කළත් නුඹ එක්කම
මම පෙර ලෙසම….

හමු නොවේවී පෙර සිටි 
දගමල්ල සදහටම….
ඇස් කරකවමින් නුඹ 
මා සෙව්වත් හතරවට…

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll