06. 'ස්නේහයේ නගරය යි'

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ආදරය සුන්දර ...


1. ආලය සුන්දර ය
රාගය ගින්දර ය
ස්නේහය වින්දන ය
ලෝබය බන්දන ය

[ආදරය සුන්දර වූ හැඟීමකි. රාගය නමැති ගින්නෙන් (රාගාග්නියෙන්) සිත-කය දෙක ම දවයි. සෙනෙහස වින්දනීය හැඟීමකි. ලෝභයෙන් බැඳීම් (බන්ධන) ඇතිකර ගනී.]

2. ආලය / ස්නේහය / ප්‍රේමය අවිහිංසක ය
රාගය / ලෝභය / කාමය හිංසක ය

[ආදරය .... කායිකව හෝ මානසිකව අවිහිංසාව උපදවන්නා වූ මනෝභාවයකි. රාගය .... කායිකව හෝ මානසිකව විහිංසාව උපදවන්නා වූ මනෝභාවයකි.]

3. ප්‍රේමය නන්දන ය
කාමය නිර්-වින්දන ය
විරහව සුන්දර ය
තරහව ගින්දර ය

[ප්‍රේමාන්විත හැඟීම් සිත-කය ප්‍රීතිමත් කරයි. කාමය පියවි සිහිය නැති කරවයි. වියෝගය ද යෝගය (පෙම්වතුන් සේ එක්ව සිටීම) සේ ම සුන්දර හැඟීමකි (ඒ දෙස බලන දෘෂ්ටිකෝණය වෙනස් කරගත් කළ). ද්වේෂය නැමති ගින්දරෙන් (දෝසාග්නියෙන්) පෙමින් වෙලී සිටින හෝ හැරගිය පෙම්වතා / පෙම්වතිය සිතින් හෝ කයින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ හිංසාවක් රිදවීමක් වත් නොකළ යුතු ය.]

4. රාගය රෝගය කි - ස්නේහය සාමය කි.
[රාගය නම් සිත-ගත දෙක ම දවන-තවන මානසික ව්‍යාධියකි - සනහස නම් සිත-කය දෙකට ම සාමය-සිසිල ඇති කරවන්නකි.]

5. ගත නොවේ සිත තමා වැදගත්
නැත නොවේ ඇත තමා වැදගත්
පොෂ් නොවේ කුෂ් තමා වැදගත්
රෂ් නොවේ ගති-ගුණ යි වැදගත්
පුෂ් නොවී ඉවසීම ම යි වැදගත්.

[අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනාගේ ම ගත සිත දෙක ම රැකබලා ගත යුතු වුව ද, ගතට නොවේ ආදරය කළ යුත්තේ හිතටයි. ඍණාතමක නොවී ධනාත්මක වීම වටී. ධනවත්කමට වඩා සතුට වැදගත්ය (වත්-පොහොසත්කම් වලට වඩා සිත්-පොහොසත්කම් වටින්නේ ය). ඉක්මන් නොවී ගතිගුණ සොයා බැලිය යුතුය. අනුන් (රටේ / ලෝකේ අය) කරනවාට (කරන්නං වාලේ අහන දකින දේ ආදිය) කිරීම නොව, ඉවසා දරා සිට හරි දේ හරි වෙලාවේ දී කිරීම ම යි වැදගත් වනුයේ.]




ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll