05. නිවුස් මේනියා(ව)

හැඬ වෙන හද වෙණ තත් නද!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ප්‍රවෘත්ති මේනියා(ව) / NEWS Mania(ව).


කනවා නොව කැවෙත්
බොනවා නොව පෙවෙත්
...වා නොව ...වෙත්

ඇස් ගෙඩි ලොකු කරං
කන් පෙති කුලු කරං
හැකර (/ මකර) කට ආ කරං

“තොරතුරු” (දැනගැනීම) “වාර්තා” (කිරීම) මොක වෙතත්
හිරිකිතක් විලිබියක් (ගෑවිලා වත්) නැතත්
දහසකුත් “පුවත්” කියනා විපත්
එක කටට ඇද බාත්
එක කටට ගිල දමත්

රට-තොට ලෝ තතු
පාර්ලිමේන්තු
තොරතුරු දැනගතු
නැතිනම් නිදි නැතු

හය, හයයි-තිහ ඒ එම්
හය, හයයි-තිහ පී එම්
පැය, පනස්පහ දෙකම එම්
එකම මතුරන (/ දොඩවන) ටීවි එෆ්එම්

පැයෙන් පැය වරින් වර
රැයින් රැය බරින් බර
උදෙන් රැය එයින් ජර
කයින් ලය හිතෙන් මර

බ්‍රේකිං සම්ටයිම්ස්
හා(ර්)ට් බ්‍රේකිං ඇට් ටයිම්ස්
වෙබ්-බුක්-ටියුබ්-පත්තර ටයිම්ස්
මේනියාවකි නිවුස්

උදේට නැඟිටෙත්
දවල්ට දිවවෙත් 
රෑට සමවැදෙත්
මහ රෑ දෙඩවෙත්

කැස්සක් කොස්සක් යන්නටවත් බෑ
අස්සක් මුල්ලක් නෑර අටවගෙන (/ ඔටවගෙන)

සිත වනසන දහසක් අස්සේ
සිත සනසන එකක් ද ලිස්සේ
දත නියවන සහසක් පස්සේ
අත ගුළිවන රහසක් කැස්සේ

වෙස්වළාගෙන එන මේ මේනියාවේ
අනුකොටස් කීහිපයකි නිවුස් ඈලියාවේ
තොරතුරු වාර්තා කිරීමේ මේනියාව
තොරතුරු දැනගැනීමේ මේනියාව 
තොරතුරු පැතිරවීමේ මේනියාව
අනිකට මොක වුණත් වපුරන මේනියාව

තොරතුරු දැන ගැනීම හොඳ එකකි
වාර්තා කිරීම ද හොඳ එකකි
විකුණං කෑම වෙන එකකි
තව තව ඒවා වෙන වෙන එක එකකි
මේනියාව තව වෙනම ම එකකි.



ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll